සිතූ සියල්ල නොසිතු ලෙස
ගිලිහි වැටුනත් නෙතද්දර
පැතුමන් සියල්ලත් බෝම
බිඳලුවත් කවුරු හෝ පැමිණ
සමත් විය කඩයිම්ද බොහො
අසාර්ථක වුවද එක දෙක
සැප මෙන්ම දුක ලදිමි
නින්දාව වට කොටැ නිතර
සිටි යහළු වෙස් ගති සතුරු
නමුදු අමනාප නැත කිසිම
ලැබුනද අයෙක් නැතිව හුන් පෙර
නැතිම විය සිටි එකා මට ළඟ
නැග්ග කඳු අභියෝග වුනෙ නැත
හිතේ පුරස්න හැමදා එමට මට
සූනන් වැටුන අපල මැද වුවද
ගියද කේන්දර කොටු පාළුව
ගොඩනඟමි යලිදු හෙමිහිට
දුහුවිල්ල වුනු මගේ නම
නොකඩන්න නොහැකි ලෙස නොව
මගේම එකෙක්ගේ හිනාවේ යුතුකමට........
සුබ නව වසරක් වේවා !!!!!!
එසේම වේවා
ReplyDelete:)
Delete"හිතුවක්කර පන්හිඳ " රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
මං ඒකත් කියවනවා :)
Deleteදහසකුත් සුපෙම් පැතුමන්
ReplyDeleteසිතුම් පව්රෙන් වට වෙනා
සිමින් සැලෙනා සොදුරු හදවත්
යුගල මල් පිපිදෙනා.............
කටු කොහොල් මත තබන පියවර
මල් පොකුරු වී තිබෙවා
අහසෙ බබලන සදක් මෙන් නොව
අමවක දිනකද තුටු සිනා කැන්
මුව තිබෙවා......................
නෙතග දිදුලන කදුලු කැට
මිනි මුතු සෙ පෙනෙවා
වැටෙන වරකුදු යලි නැගීමට
සිතෙ සවි බල තව ලැබෙවා..........
දැනෙන තනිකම වසින්නට තව
ඇසනි වරුශා වි වැටෙවා.....
වසන්තය මෙන් ජිවිතෙ මග
පිපිදෙනා එකලු තරුවක් සෙ
දිලෙන්නට ඇරයුම ගෙනල්ලා...........
෴෴සචි෴෴
වසන්තය මෙන් ජිවිතෙ මග පිපිදෙන සුබ නව වසරක් වෙවා.....
අපූරු පිළිතුරක්
Deleteඑසේම වෙවා!......
ReplyDeleteපැතුමි ඉටුවන ...
හ්ම් හ්ම් :)
Delete