Monday, July 9, 2012

සරසවියට එන අතරේ




අසනීපේ යාන්තම් හොඳ වෙද්දිම කැම්පස් පැත්තෙන් ඇඩ්මිෂන් ගන්න කියලා ආරන්චියක් ආවා ඊයෙ හවස් වෙනකොට.ඉතින් අද උදේ පහේ ඉදලා යනවා යනව කියලා යන්තම් දහයට ලෑස්ති වුනා අදි මදි කර කර.බෙහෙත් බොන්න,නාන්න එපා,කූල් බොන්න එපා අපොයි ..ගෙදරින් උපදෙස් කෝටියයි.
    කට්ටියටම වැදලා ඉතින් ගොඩ වුනා බස් එකකට,අයියෝ නිකම් මේ දවස් වල කැම්පස් වගේ, අතේ ඇඟිලි ගානට වත් කට්ටිය නෑ..හඟුරන්කෙත පැත්තෙන් එනකොට එස් බී මාමගෙ ගේ ලඟම පාර හදනවා ,එයා නිසානෙ මේ ඔක්කොම මට ඉතින් බහින්නත් හිතුනා :)මොකටද තවත් කාලෙ කන්නෙ කියලා ඒ අදහසත් අතහැරියා....
සින්හල ෆිල්ම් එකක මැද හරියෙ වගේ කම්මැලි වෙනකොට නින්දක් ගියා දන්නෙම නැතුව..
"නෝනා වරුනි මහත්වරුනි සැම දෙවියන් රැක ගන්නයි"කන ගාවම ඇහෙනවා විරිඳුව..මහපොළින් දිවි ගෙවන කන්නන්ගර දැරිවියක්  විදිහට රුපියල් පහක් දැම්ම සෙමෙස්ටරේ ගොඩ යන්න කියලා :)
යාන්තමින් යාන්තමින් නුවර කිට්ටුයි කියලා දැනගත්තෙ වන්දනා නඩයක් දැකලා මාලිඟාවට යන..
ගමනේ හතරෙන් පන්ගුවක් ඉවරයි..හ්ම් ඉතිරි හතරෙන් තුනට ගත්තා මාලු බනිස් දෙකකුයි ස්පන්චියකුයි,වෙනදා ගන්න කූල් බොතලේ  තහනම් අද :(
මලු දෙකකුත් උස්සගෙන නිකම් අවුරුද්දට ගෙදර යනව වගේ***ව බස් එකක් හොයාගෙන ගුඩ් ෂෙඩ් එකේ කෙලවරටම ඇවිදලා හොයාගත්තා බස් එකක්..අද එච්චර විශේෂයක් නෑ කියන්න පුලුවන් මොකද නැත්තම් බඬඉරිඟු, කඩල,මල්වානේ කිය කියා රඹුටනුයි, බාමුයි,ලිතුයි, පොතුයි පිරෙනවා බස් එකට..තනිකර සල් පිලක්  වෙනවා එතකොට..කවුරුත් ජීවත් වෙන්න ඕනනෙ ,සාධාරණ තරඟයක් අපැහැදිලි අනාගතේක..
ඒකාකාරි ප්‍රවේගයක ආරම්භය සමඟ තවත් නින්දක්....
වෙනදා *** වත් ඇහැරෙන මම අද **කුලමටම එනකල් නිදි..
මිහින්තලේ බැහැගන්න..ගමනේ නිමාව...
මීටර් අටසීයක් පයින් ගමන..කැම්පස් එකට ආවට නිකම් කැම්පස් නෙමේ වගේ..වෙනදා බත් කන ඇන්ටිගෙ කඩෙත් වහලා..පේර ගහක වඳුරෙක් පේර කනවා..කිසි හැල හොල්මනක් නෑ..
රූම් එකටම ආවාම ඉන්නවා තුන් දෙනෙක්..හ්ම් දෙයියො දැක්කා වගේ තමා.නැත්තම් ඉතින් මම තනියමනේ :) 
පොඩි වොෂ් එකක් තමා දාන්න වුනේ යාලුවො වතුරටවත් එන්න දුන්නෙ නෑ.රෙදිත් හෝදලා දීලා බෙහෙතුත් පෙව්වා..සිරප් බීලා කට තිත්ත වෙයි කියලා සියඹලා වගේකුත් ගෙනත් දුන්නා..ගෙදර අයගෙ අඩුව පුරවන්න ඉන්න අයනේ..කොහොමත් මට එයාලා ආදරෙයි:)
පාඩම් කරන්න ආව කට්ටිය මෙන්න ෆිල්ම් එකකට සෙට් වෙලා.පොතේම ඉන්නත් බෑනෙ ඉතින්.ඒ අතරෙයි මම මේ පොස්ට් එක ලිව්වෙ ...
යන අයට යන්න කියලා ඉන්න අය රැකගන්න ඕනෙ කියන එක නම් අද නම් මට තේරුනා 


19 comments:

  1. විඩාවෙන් ලියලා තියෙන්නේ කියලා තේරෙනවා :)

    ReplyDelete
  2. hm :( e anagathe gana thiyana biya musu widawa :)

    ReplyDelete
  3. mewa wagema padaam karanna dan xam seasion ekane :-)

    ReplyDelete
  4. e gana nam mathak karanna epa..thanx iya

    ReplyDelete
  5. 'සාධාරණ තරඟයක් අපැහැදිලි අනාගතේක..
    ඒකාකාරි ප්‍රවේගයක ආරම්භය සමඟ තවත් නින්දක්....'

    Menna Me Tikata Mama Godak Aaasai!

    'ගෙදර අයගෙ අඩුව පුරවන්න ඉන්න අයනේ..කොහොමත් මට එයාලා ආදරෙයි:)' J Ruu Ah! :) :) hmm hmm..

    ReplyDelete
    Replies
    1. යන අයට යන්න කියලා ඉන්න අය රැකගන්න ඕනෙ කියන එක නම් අද නම් මට තේරුනා :) ai j???? oyatath godaaak yaluwo innawane hiruwooo..

      Delete
    2. "වෙනදා ගන්න කූල් බොතලේ තහනම් අද :("
      හොද වැඩේ , Ru'ට බොන්න එපා කියලා...!
      hmm hmm..
      ""ඇන්ටිගෙ කඩෙත් වහලා..හ්ම් දෙයියො දැක්කා වගේ තමා; රූම් එකටම ආවාම පේර ගහක වඳුරෙක් පේර කනවා..නැත්තම් ඉතින් මම තනියමනේ :)""


      Menna Me Tikata Mama Godak Aaasai!

      Delete
  6. හෆෝයි රුපියල් පහයිද දුන්නේ? අද කාලේ රුපියල් පහකින් රුපියලේ ටොෆි පහක්වත් ගන්න පුලුවන්ද? ඒ අතින් මම ඉන්න බස් වලට නගින්නේ ෆිනෑන්ස් කාරයෝද කොහෙද! සතේ අතේ නැති මගෙනුත් දතක් ගලවලා යනගමන් ඩ්‍රයිවර් අන්කල්ගෙනුත් කියක් හරි ඉල්ලගෙන බහින මිනිස්සු තමා දැන් වැඩියෙන් ඉන්නේ... :( අයියෝ $$$ !

    ReplyDelete
  7. සිතුවිල්ල තමාලුනේ වැදගත් යාළු :) මිනිස්සු විවිධාකරයි...

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත තමයි රූ..:) එත් විවිධාකාර මිනිස්සු අතරේ වෙනස් කෙනෙක් වෙන්න ඇත්නම්...

      Delete
  8. ඒකට තමා මගේ වෑයමත් anu :)

    ReplyDelete
  9. අප්පට සිරි හිතුවක්කාරී අපේ ගෙවල් පැත්තෙනේ...........
    මමත් ඉන්නේ හඟුරන්කෙත

    ReplyDelete
  10. he he math e paththata asannawayi inne :)

    ReplyDelete
  11. අහ් ඈත්තද pcc ද ගීයෙ..........?

    ReplyDelete
  12. ඔව් යාළු...සමහරවිට ඔයා දන්නවා ඇති මාව :) 2009 A/L

    ReplyDelete
  13. ගොඩක් කාලෙකට පස්සේ එන්න හම්බවුනේ......
    හරියටම කියන්න බෑ මම ඔයාව දන්නවා කියලා මොකද මම ඉස්කෝලේ ගීයෙ නුවර ......
    ඒ උනාට මගේ යාලුවෝ නම් ගොඩක් ඉන්නවා pcc ගීයාපු.....

    ReplyDelete
  14. රජරට විශ්වවිද්‍යාලෙද මේ උඩරට මැණිකේ ඉන්නේ :D

    ReplyDelete
  15. හෙ හේ.එහෙම හිතාගන්නකෝ :)

    ReplyDelete
  16. පේර ගහක වඳුරෙක් පේර කනව ???? ශුවර්ද !!!! පේර ගහක් උඩ තිබුන කන්නාඩියක් දැක්කා වෙන්න බැරිද ??? තිත් දෙකයි ඩී

    ReplyDelete

ඔබේ අදහසත් වටිනවා

Play background music