- ජීවිතය කියන්නේ මොන වගේ දෙයක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඔයා දෙන උත්තරේ මොන වගේද?
එහෙම කියන හේතුව තෙත රෙද්දක් කොච්චර මිරිකුවත් වේලෙන්නේ නෑ, ඒක අව්වට වැලකට හරි තණබිස්සක හරි වැනුවා නම් පැයක් යද්දී වේලෙනවා නිකම්ම නෙමේ අමුතුම සුවඳකුත් එක්ක..
දැන් බලමු මේක හිතට ආදේශ කරලා.ඔයාගේ කැඩුණු,රිදුනු,තෙතබරිත හිතට මේ දවස් වල ඔයා මොනවද කරන්නේ.පුළුවන් තරම් ගසනවා,මිරිකනවා නේද?ඒත් තෙත රෙදි කැබැල්ල වගේ හිතේ තෙතත් යන්නෙ නම් නෑ.ඒ නිසා ඔය හිතත් ගසන එක නවත්තලා හිතට පෑදෙන්න ඉඩ දෙන්න .ඒ කියන්නේ පොඩ්ඩකට පාඩුවේ ඉන්න දෙන්න.එතකොට හිත වේලේවි අලුත් සුවඳකුත් එක්ක.හිතට එහෙම ඉන්න කියලා ඔයා පොඩ්ඩක් අපේ වචනෙන්ම කිව්වොත් බිසී වෙන්න :)
- ඔබව විවේචනය කරන සියල්ලන්ම ඔබේ හතුරන් නොවන බවත් මිතුරන්ද නොවන බවත් මතක තබාගන්න , ඔබව විවේචනය කරන්නන් ඔබට වෛරයට විවේචනය කරන්නන්ද ආදරයට විවේචනය කරන්නන්ද යන්න පිළිබද ව තීරණය කිරීම ඇත්තේ ඔබ සතුවය .විවේචනය සමඟ ගැරහුමද එයි නම් එය ඔබව පහත් කරවන විවේචනයකි.ඔබට ආදරය කරන්නෙක් සැමවිටම ඔබව විවේචනය කරන්නේ උපදෙස්ද සමගිනි.ඔවුන් ඔබ රැක බලා ගත යුතුය .මන්ද යත් ඔවුන්ටද අවශ්‍ය ඔබව රැක බලා ගැනීමට නිසාය .
- ඔබ ලඟට එන සියලු දෙනා විශ්වාසවන්තයින් නොවන අතර අවිශ්වාසවන්තයින්ද නොවේ.එය තීරණය වන්නේ ඔවුන් ඔබ සමඟ කරනා ගනුදෙනුවේදී ය. මිනිසුන් ඔබේ ජිවිතයට එබෙන සැනින් ඔවුන් ලේබල් නොකරන්න.ගනුදෙනුව අවසන් වන තෙක් මොහොතක් සිටින්න.
- ඔබේ ජීවිතය ඔබට නොදැනීම වෙන කෙනෙකුගේ පාලනයට නතු වී යැයි සිතුන කල ඔබ පරිස්සම් වන්න.ඔබේ ජීවිතය පාලනයට ඉඩ දිය යුත්තේ ඔබගේ දුකද සතුටද වගකීමද හදුනන්නෙකුට පමණි . ඊට පෙර ඔබ ඔබට අසාමාන්‍යව ආදරය කරන්න,ආදරයකින් තොර පාලනය බලහත්කාරකමක් වන බව මතක තබා ගන්න .
- ඔබගේ ශාරීරික ගැටලුන් දියුණුවට බාධා නොකර ගන්න,මක් නිසාද දැනට ලෝකයේ බුද්ධිමත් ම පුද්ගලයාද (දොස්තර ස්ටීව් හෝකින්) අංග විකල අයෙක් නිසා.
(මම සමහර කරුණු දැන ගත්තේ ඉස්පිරිතාලේ බෙහෙත් පෝලිමේ ඉද්දී දොස්තර මහත්තයෙක් දුන්න ලෙක්චර් එකකදී ,දැනුම අලුත් කරගන්න පුස්තකලයක්ම අවශ්‍ය නැති බවට ඒක හොඳම උදාහරණයක්)
හ්ම් .........හිතන්න ගොඩක් දේවල් තියනවා. හිමින් සීරුවේ හිතලා බලන්නොන.......
ReplyDeleteමට නම් ටිකක් අමාරුයි යාළු,හිතල කරලා බලන්න. පස්සේ ප්‍රතිපලෙත් කියන්නකෝ :)
ReplyDeleteමම හරිම කැමතියි මේව කියවන්න :)
ReplyDeleteකියවලා විතරක් මදි හොඳේ.. :)
ReplyDeleteහ්ම්ම්.. හොද ලිපියක්!! දිගටම ලියන්න..අපිත් එන්නම්කො කියවන්න..:)
ReplyDeleteකියෙව්වට ස්තුතියි ගොඩක්ම හිරු යාළු :)
ReplyDeleteහ්ම්ම්... කතාවනම් සහතික ඇත්ත...එත එක වෙලාවකට ජීවිතය හරියට පුළුන් කැල්ලක් වගේ, කොච්චර පරිස්සම් කරලා අව්වට දවස් ගානක් වේලලා තිබුණත් වැටෙන එක වැහි බිඳුවක් හින්දා ඒ හැම දේම නැති වෙනවා...
ReplyDeleteවෙලාවකට අන්න ඒ අවධානමයි ජිවිතේ ජීවත් කරන්නෙත්..හිතට ඉහල හිසෙන් වැඩ ගන්න ඕනේත් ඔය නිසාමයි.නමුත් හැඟීම් නිසා අපි නිතර ව්‍යාකුළ වෙනවා.සාමාන්‍යයි නමුත් සීමාවකට යටත්ව
ReplyDeleteකොහොම කොහොම හරි ලොකු දෙයක් දැනුනා වගේ හිතෙනවා........ ආසයි තව පාරක් සිතුවිල්ලක් හොයාගෙන මේ පැත්තට එන්න.........
ReplyDeleteවිභාගෙ එහෙම ඉවර වෙලා ලියන්නම්කො හොඳ පෝස්ට් ටිකක්.ස්තුතියි අයියා :)
ReplyDeleteජීවිතය හරියට තෙතම තෙත රෙද්දක් වගේ කියලා.
ReplyDeleteඑහෙම කියන හේතුව තෙත රෙද්දක් කොච්චර මිරිකුවත් වේලෙන්නේ නෑ, ඒක අව්වට වැලකට හරි තණබිස්සක හරි වැනුවා නම් පැයක් යද්දී වේලෙනවා නිකම්ම නෙමේ අමුතුම සුවඳකුත් එක්ක..හ්ම් වෙනස් ම නිර්වචනයක්....
මෙයා දන්න දේවල් :D
ReplyDeleteහික්ස් :)
ReplyDeleteමේ දවස්වල මට ඕනෙම දෙයක්... හරි වෙලාවේදීම කියවන්න දීපු ඒක ගැන ස්තුතියි හිතුවක්කාරියේ....
ReplyDeleteහිතන්න යමක්.. තවපාරක් කියවනව මම
ReplyDeleteඔව් ඇත්ත යාළු :)
ReplyDelete